ශ්‍රී ජේතවනාරාම විහාරස්ථානය - ඉඳුරාගාර

ඉතිහාසය

ඉතිහාසය

විහාරස්ථානයේ ආරම්භය

ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහෝපාධ්‍යාය ශාසන කීර්ති ශ‍්‍රී පඤ්ඤාජෝති වංශාලංකාර අතිපූජ්‍ය මඩම්පැල්ලේ සිිරිසුධම්ම මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ 1957 වර්ෂයේ සිට ම ආරම්භක විහාරාධිපතීන් වහන්සේ වශයෙන් පර්චස් 30 ක්ව පැවති මෙම ඉඳුරාගාර ශ‍්‍රී ජේතවනාරාම විහාර භූමිය අද තිබෙන අක්කර දෙක හමාරක් පමණ වූ ප‍්‍රමාණය දක්වා වර්ධනය කොට 1969 වෙසක් මස පුර පසලොස්වක පොහෝ දින දර්ශනීය විහාර මන්දිරය ද, 1975 ජුනි 23 දින ඝණ්ඨාර ස්ථම්භය ද, 1977 මැයි 03 වෙනි වෙසක් පුන්පොහෝ දා ධර්මශාලාව ද, ඉදිකොට නිමවා 1962 වෙසක් පුන් පොහෝ දින ජය ශ‍්‍රී මහා බෝ සමිඳු අංකුරය රෝපණය කිරීම ද, පසුව 1981 මැයි 18 වන දින එහි නව අංකුරය රෝපණය කිරීම ද සිදු කර, වහල සහිත බෝධි බැම්මක් ද කරවා 1984 නොවැම්බර් 07 දාන ශාලාව තැනීම හා ආවාස ගෘහය නවීකරණය කිරීම ද, 1980 ජනවාරි 03 ආවාස ගෘහය වටා තාප්පය බැඳීම ද, 1959 සැප්තැම්බර් 01 දා තනවන ලද ළිඳට 1989 හි ජනවාරි පළමුවන දා ජල පොම්පය සවි කිරීම ද, 1987 මැයි මස 11 වනදා විදුලි බලය ලබා ගැනීම ද, 1995 නොවැම්බර් 03 දා දුරකථන පහසුකම් ලබාගැනීම ද, 1999 පෙබරවාරි 02 දා විහාර ගෙය වටා දර්ශනීය වළාකුළු බැම්ම ඉදිකිරීම ද, 2006 ජුනි 12 දා බෝධීන් වහන්සේ අභියස දැල් ශාලාව ඉදිකිරීම ද, 2007 පෙබරවාරි 01 වන දා ස්වර්ණදීප තොරතුරු තාක්‍ෂණ මධ්‍යස්ථානය (ධම්මපාල ස්වාමීන්ද්‍ර අනුස්මරණ ශාලාව / වර්තමාන ශ‍්‍රී සුධර්ම පුස්තකාලය) ඉදිකිරීම ද, 2011 වර්ෂයේ ගිනිහල්ගෙය ඉදිරිපස තහඩු ආවරණය තැනවීම ද, 2012 ජනවාරි 07 දින නවග‍්‍රහ දේවාලය ඉදි කිරීම ද, 2013 මැයි 24 වෙසක් පුන් පොහෝ දින විහාර මන්දිරය ඉදිරිපිට සිංහ රූප සහිත තාප්පය සහ මාර්ගයට සමාන්තර වළාකුළු බැම්ම ඉදිකිරීම ද, 2016 වර්ෂයෙහි දහම් පාසල් කාර්යාල කාමරය ඉදිකිරීම ද සිදුකොට විහාර සංවර්ධනය කරමින් ගමට වැඩි 1957 වර්ෂයේ සිට ම ගල්මූකලාන ජනපදයේ ජනතා පදිංචිය කරවීම (1961), ගම මැද පාර හා වෙනත් මාර්ග පහසුකම් ඇති කරවීම (1963), සිරි පැරකුම් විදුහල නිර්මාණය කරවීම (1965), රුපියල් ලක්‍ෂ අටක වියදමින් එහි පරිගණකාගාරය කරවීම (2012), ඉඳුරාගාර අංක 88 ග‍්‍රාම නිලධාරි වසම බිහිකරවීම (1972) සිදු කොට ගම සංවර්ධනය කරමින් දර්ශනපති රාජකීය පණ්ඩිත පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මපාල හිමියන් (2014 ඔක්තෝබර් 11 දින අපවත් වූ) මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් වැනි බොහෝ පැවිදි-ගිහි සිසුන් තනමින් මහමෙහෙවර කරමින් සිටින අතරවාරයෙහි 1996 මාර්තු 16 දින විවෘත කරනු ලැබූ පුස්තකාල ගොඩනැගිල්ල ඉවත් කොට එම බිමෙහි ඉදිකරන ලද මෙම චෛත්‍යරාජයාණන් වහන්සේ 2016 ජනවාරි 20 දින මුල්ගල් තබා රුපියල් ලක්‍ෂ සියයකට අධික වියදමින් වැඩකරන දින 175 කින් අඩි 7 ක පාදමක් හා ඒ මත අඩි 43 ක් උස්ව තනා නිම කොට 2016 ඔක්තෝබර් 06 දින නිදන් වස්තු තැන්පත් කිරීමෙන් අනතුරුව 2017 මැයි මස 04 ශ‍්‍රී සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කර කොත් පළඳවා 2017 මැයි 21 වන දින විවෘත කරනු ලැබූ අතර සැදැහැති දායක දායිකාවන්ගේ ද සහයෝගය ඇතිව මෙම චෛත්‍යරාජයාණන් වහන්සේ ඉදිකරවන ලද්දේ දිවුලපිටියල බාඳුරාගොඩ, රස්සපාන ජනහිත ඉංජිනියරින් ඇන්ඞ් ප්ලාන්ටේෂන් ව්‍යාපාරයෙහි අධිපති, කීර්ති ශ‍්‍රී, ශ‍්‍රී ලංකා අභිමානි, දේශබන්ධු, දේශශක්ති, දේශමාන්‍ය, සමාජ සේවා විභූෂණ ආචාර්ය එස්. ඒ. රංජිත් ගුණවර්ධන මැතිඳුන් විසිනි.

ඉඳුරාගාර ශ‍්‍රී ජේතවනාරාම විහාරස්ථානයේ

මහසෑ පුරාවත

අප විහාරස්ථානයට මහත් අඩුවක් ව පැවති මහසෑරදුන් වැඩි පුවත මෙසේ ය. දායක සභාව විසින් 2015 නොවැම්බර් 08 වන දින රැස් කරන ලද මහසභා රැස්වීමේ දී මහ සෑයක් ඉදිකිරීමේ යෝජනාව ඉදිරිපත් විය. ඒ අනුව සෑය ඉදිකිරීම මෙහෙයවීම සඳහා චෛත්‍යවර්ධන කමිටුවක් පත් කර ගැණිනි. චෛත්‍යවර්ධන කමිටුවෙන් පත් කෙරුණු චෛත්‍ය නිරීක්ෂණ කමිටු නියෝජිත පිරිස 2015 නොවැම්බර් 10 දින චෛත්‍ය රැසක් නිරීක්ෂණය කළහ. පූජ්‍ය හුණුපොළ සද්ධානන්ද ස්වාමීන් වහන්සේ පැමිණ භූමි පරීක්ෂාව සිදු කළේ 2015 නොවැම්බර් 29 වන දින දී ය. පුරා විසි වසරක් පැවැති පුස්තකාල ගොඩනැගිල්ල ඉවත් කෙරුණේ 2016 ජනවාරී 03 වන දී ය. එය චෛත්‍යරාජයාණන් වහන්සේ වැඩමවීමට ම කළ ඉවත් කිරීමකි. මුල්ගල් තැබීම සඳහා වන භූමිය සකස් කෙරුණේ මහත් උද්යෝගයෙනි. පෙර රජ දවස මහ කලූ සිංහලයින් අහස සිපින දාගැබ් තනන්නට දරූ සාමූහික සහභාගීත්වය සිහිගන්වමින් උදලූ, යකඩ ඉනි, ගල් කටු, තාච්චි රැගත් ජනහිත සුරුවිරුවෝ දූනගහ සිට මහපෙරෙහරින් පැමිණ භූමිය සකස් කළේ 2017 ජනවාරි 15 වන දින 10.17 යෙදුණු සුබ මොහොතිනි. තුන් දිනක් පිරිත් සජ්ඣායනා කොට ගම ම බෞද්ධ කොඩිවලින් සරසා ආශීර්වාද ලබාගත් ගැමියෝ ජනහිත මහතා හා එක්වූයේ බැතිසිතිනි. ඒ මුල්ගල් තැබීමට ය. ඒ ඓතිහාසික පින්බර දිනය වූයේ 2016 ජනවාරී 20 වන දිනය යි.

ක්‍රමයෙන් ඉදිවීම ඇරඹූ මහසෑයේ පාදම අඩි 7 ක් පමණ ඔසවන්නට සිදු වූයේ සෑයේ පද්මාසනය විහාර මන්දිරයේ පිළිම වහන්සේගේ පද්මාසනයට වඩා උසින් තැනිය යුතු නිසාවෙනි. සුවිසල් පාදම සපුරා කලුගලෙන් කොට නිමවාලූයේ 2016 මාර්තු 10 දින දීය. අඩි 7ක් උස පාදම මත කොන්ක්‍රීට් අතුරනයක් දැමිණි. ඒ මත ගර්භය දක්වා ඉදිකිරීම 2016 අගෝස්තු 12 දින නිම කෙරුන අතර සම්පූර්ණ ගර්භය තනා නිම කරන ලද්දේ 2016 සැප්තැම්බර් 05 දින දී ය. හතරැස් කොටුව සහිත කොත් කැරුල්ල ඉදිකොට නිම කිරීම 2016 සැප්තැම්බර් 24 වන විට සිදු කළ හැකි වූ අතර ඔක්තෝබර් 01 වන දින කපරාරුව නිමකරන ලදි.

ගර්භ නිධානය අති උත්කර්ශවත් අන්දමින් සිදු කෙරිණි. ජනහිත ව්‍යාපාරය පිහිටි දිවුලපිටිය රස්සපානේ සිට අලංකාර රන්සිවි ගෙයකින් නිධන් වස්තු වැඩම කළ මහපෙරහර චිත්තාකර්ෂණීය වූ මතක සටහන් තැබූ දර්ශනයක් විය. පුරා දින තුනක් ප‍්‍රදර්ශනය කෙරුණු නිධන් වස්තු සර්වරාත‍්‍රික පරිත‍්‍රාණ සජ්ඣායනා ද පවත්වා ආශිර්වාද කොට දහස් සංඛ්‍යාත බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් තැන්පත් කෙරුණේ 2016 ඔක්තෝබර් 06 වන දින දී ය. මීට සමාන්තර ව අර්ධශතාධික මහසගරුවන විෂයෙහි අටපිරිකර සෙසු පිරිකර සහිත සංඝගත දක්ෂිණාවක් ද පැවැත්විණි. ප‍්‍රථම චෛත්‍ය පූජාව ද මහ ඉහළින් පැවැත්විණි. ඉහත සඳහන් සියලූ කටයුතුවල දී මෙන් ම මෙහිදී ද මහත්තයා සහභාගී වූයේ ව්‍යාපාරිකයකු වශයෙන් නොවේ. සැදැහැවත් බෞද්ධ පින්වතෙකු, සම්බුදු සසුනේ අනේපිඬු සිටුවරයෙකු වශයෙනි. ඒ 2017 පෙබරවාරී 02 වන දිනය යි. මහ සෑ රදුන් උපත ලබා නිමවෙන්නේ 2017 මැයි 04 වන දා ය. සර්වඥ ධාතූන් වහන්සේ සපිරිවරින් හා පෙරහරින් වඩමවා තැන්පත් කිරීම ද කොත් වහන්සේ පැළඳවීම ද සිදු වූයේ තෙදිනක් පුරා පන්සලේ සර්වරාත‍්‍රික පිරිත් සජ්ඣායනා පවත්වා සර්වඥ ධාතූන් වහන්සේ ප‍්‍රදර්ශනය ද කිරීමෙන් අනතුරුව ය. මහත්තයාගේ නිවසේ සර්වඥ ධාතු හා කොත් වහන්සේ ප‍්‍රදර්ශනය දින දෙකක් පැවතිනි. ඒ අප්‍රේල් මස 29-30 දිනවල ය. මැයි 01 දා රිය 200 කට අධික මහ රිය පෙරහරින් රන්සිවිගෙයින් වඩමවන සර්වඥ ධාතූන් වහන්සේ සහිත කොත් වහන්සේ පැළඳවීමෙන් මහසෑ රදුන්ගේ උපත නිම විය. කොත් වහන්සේ නිරාවරණය සිදුවූයේ 2017 මැයි 21 වන ඉරිදා ය. මුදලින් රුපියල් ලක්ෂ 120 ක වියදමකින්, උසින් පාදම ද සහිත ව අඩි 50 ක් වන, වැඩ කරන දින 175 කින් නිම කරන ලද ඉඳුරාගාර ශ‍්‍රී ජේතවනාරාම විහාරස්ථ චෛත්‍යරාජයාණන් වහන්සේ තනන ව්‍යාපෘතියේ දී අපි මහත්තයා කීවේ එක ම එක මහත්තයෙකුට ය. ඒ මහත්තයා අදටත් ඒ මහත්තයා ම ය. ඒ දිවුලපිටිය, බාඳුරාගොඩ, රස්සපාන ජනහිත ඉංජිනියරින් ඇන්ඞ් ප්ලාන්ටේෂන් ව්‍යාපාරයෙහි අධිපති, සිතට සහනය - ජීවිතයට ආලෝකය : ජනහිත මෙත්සිත සමාජ සත්කාරක සේවය, ජනහිත - නැණසෙත නිර්මාතෘ, කීර්ති ශ්‍රී ශ්‍රී ලංකාභිමානී, දේශබන්ධු, දේශශක්ති, දේශමාන්‍ය, සමාජ සේවා විභූෂණ, ආචාර්ය එස්.ඒ. රංජිත් ගුණවර්ධන මැතිතුමා ය. 2017 නොවැම්බර් 06 දිනට පණස්වන උපන් දිනය සමරණ මහත්තයාගේ උපන් දිනය යනු අපේ චෛත්‍යයේ සෑම වසරක ම පැවැත්වෙන චෛත්‍යපූජා දිනය යි. එහෙයින් මේ අද කරන පින ද මින් පෙර කළ පිං හා එක් ව පතමු මහත්තයාට සුබ උපන් දිනයක් වේවා! තුරුනුවන් සරණ වේවා! යි කියා.

දර්ශනය

සදාචාරවත්, සාමකාමී හා ආගමිකව සදාකාලික සමාජයක් නිර්මාණය කිරීම.

මෙහෙවර

බුදු දහම ප්‍රචාරය කිරීම. දහම් පාසල්, පුස්තකාල හා ප්‍රතිකාර මධ්‍යස්ථාන හරහා ජනතා සේවය කිරීම.

පූජ්‍ය විහාරාධිපති ස්වාමින්වහන්සේලා

විහාරය මෙතෙක් නායකත්වය ලබාදුන් උතුම් භික්ෂූන් වහන්සේලාගේ නම හා පවතී. ඔවුන්ගේ සත්කාරය, පරම ශිලාචාරය සහ භාවනා කටයුතු විහාරය සදහා ආලෝකයක් වී ඇත.

අතිපූජ්‍ය මඩම්පැල්ලේ සිරිසුධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ

පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ආගමික හා සමාජීය සේවාවන් වර්ධනය

ශ්‍රී ජේතවනාරාම විහාරය මඟින් දහම් පාසල්, භාවනා වැඩසටහන්, සදාචාරය වර්ධනය කිරීම සඳහා කටයුතු කරන අතර, පාසල්, මාර්ග හා ජනපද සංවර්ධනයට ද සමාජීය සේවාවන් තුළින් විශේෂ දායකත්වයක් ලබා දී ඇත.

Discover peace at our Buddhist center. Learn meditation, find wisdom, and join our community on the path to enlightenment.

Address :

Info :